Thursday, October 30, 2014

Firefox OS එකට ඇප්ලිකේශන් හදමු...

ලියන්න පටන් ගත්තාම හෝ ගාලා ලියනවානේ කියලා හිතෙයි. ඒක ඉතින් අර වැඩ නැති කාලෙට ලිය ලිය ඉදලා වැඩ වැඩි වුනාම ආයෙත් උන්නාද මලාද නෑ කියන දේ තමා වෙන්නේ. කොහොමෙන් කොහොම හරි කර කර හිටපු ප්‍රොෙජක්ට් එක ඉවර කරලා ටිකක් නිදහසේ ඉන්න දවස් ටිකක් මේ. ඉතින් මේ දවස් ටිකේ
ආයෙත් බ්ලොග් එකට පෝස්ට් කීපයක් දාන්න කියලා තමයි හදන්නේ. හැමෝම දන්නවා ඇති අළුතින්ම මොබයිල් මාකට් එකට ආපු OS එක තමා Firefox OS. ඉතින් Firefox OS ගැන රිවීව් එකක් ලඟදී එන්නත් තියෙනවා. කෝකටත් කලින් මම කලින් ෆයර්ෆොක්ස් OS එක ගැන ලියපු පෝස්ට් එකක් තියෙනවා කොහොමද ෆයර්ෆොක්ස් OS එකට සිංහල ෆොන්ට් එක දාගන්නේ කියලා. නමුත් අළුත් සංස්කරණයන් එක්ක ඒක ලොකු ප්‍රශ්ණයක් වෙන එකක් නැහැ. මොකද අළුත් සංස්කරණයන්ගේ සිංහල සහය එන්න නියමිතවයි තියෙන්නේ.

ඉතින් මම අද කියලා දෙන්න හදන්නේ Firefox OS එකට ඇප් එකක් හදලා මාකට් එකට marketplace.firefox.com සබ්මිට් කරගන්නේ කොහොමද කියලා. මේකේ වීඩියෝ තුනක් තියෙනවා. ඉදිරි වීඩියෝ දෙක මේ වීඩියෝ එකට ලැබෙන ප්‍රතිචාරය අනුව අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්නේ. 


Categories:

2 comments:

  1. ළහිරු වසර කිහිපයක සිට ඉතාමත්ම හොඳින් මේ බ්ලොග් එක කරන් යනවා.මනාටත් බ්ලොග් එකක් පටන් ගන්න හිතුනේ මේ වගේ හොඳ බ්ලොග්ස් කියවල :) ළහිරුට මේ බ්ලොග් එක තවත් හොඳට කරන් යන්න සුබ පතනවා.මේ එන ගමන් මනාගේ පින්තාරුව පැත්තෙත් ඇවිත් යන්න අමතක කරන්න එපා. http://managepintharuwa.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියනවා කියන්නේ ඉතින් මේ දවස් වල එක දිගට ලීවාට කොහොමත් තව දවසකින් දෙකකින් ආයෙත් නවතිනවා ලියවෙන එක

      Delete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑