Sunday, January 25, 2015

බ්ලොග් එකක් ලිවීමේදී නොකල යුතු දෑ 5ක්


කාලෙකින් ආයෙත් බ්ලොග් එක පැත්තේ ඇවිත් පෝස්ට් එකක් දාන්න හිතුනා. අර කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ තමා මේ බ්ලොග් එකත් ලියැවෙන්නේ. කොහොම නමුත් ඉතින් අවුරුදු දෙකකටවත් සැරයක් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න ඕනේ නිසා තමයි මේ පෝස්ට් එක ලියන්න හිතුනේ.

බ්ලොග් එකක් පටන් අරගෙන කාලයක් කරගෙන යද්දී මේ දේවල් ඉබේටම ඉගෙන ගන්නත් පුළුවන්. ඒත් අළුතින් බ්ලොග් එකක් පටන් ගන්න බොහෝ දෙනෙක් කරන වැරදි තමා මේ දේවල්.

මේ දේවල් නිවැරදිව කරගත්තෝතින් තමන්ගේ බ්ලොග් එක අනිත් බ්ලොග් අතර සාර්ථක බ්ලොග් එකක් කරගන්න පුළුවන්.




  • අධික ලෙසින් පෝස්ට් ලිවීම
හිතෙන්න පුළුවන් මොකක්ද මේ කියන්න යන්නේ කියලා. දවසකට පෝස්ට් 3ක් වගේ උපරිමයක් තියාගෙන ලිවීම හොදයි. *උපරිමය* මොකද බ්ලොග් එක කියවන පාඨකයන්ට අධික ෆීඩ් ප්‍රමාණයක් ලැබීම බ්ලොග් එක හැරයන්න හේතුවක් වෙන්න පුළුවන්. සාමාන්‍යෙයන් බ්ලොග් පෝස්ට් එකක Conversation එකක් තබාගෙන ලිවීම තමා හොඳම.

දවස් දෙකකට සැරයක් පෝස්ට් එකක් ලිවීම හොදටම ප්‍රමාණවත් සාමාන්‍ය බ්ලොග් එකක් නම්. පුවත් බ්ලොග් එකක්නම් මේ කියන දේ අදාල වෙන්නේ නැහැ.


  • බ්ලොග් පෝස්ට් සොරකම් කිරීම
බ්ලොග් එකකට අළුතින් ලියන්න පටන් ගන්න බොහෝමයක් දෙනා කරන වැරැද්දක් තමා මේක. ප්‍රසිද්ධ බ්ලොග් එකක් හොයාගෙන ඒ බ්ලොග් එකේ තියෙන පෝස්ට් කොපි කරලා තමන්ගේ බ්ලොග් එකේ දානවා. ඇත්තෙන්ම මේක බුද්ධිමය දේපල පණත යටතේ වුනත් අවුරුදු 20ක් විතර හිරේ යන්න පුළුවන් වැරැද්දක්.

අනිත් දේ තමයි මේ විදියට බ්ලොග් එකක් කරන්න පටන් ගත්තාම පස්සේ කාලෙක තමන්ගේ පෝස්ට් දැම්මත් පාඨකයන් තමන් දිහා බලන කෝණය වෙනස් කරගන්න බැහැ. ඒක නිසා තමන් බ්ලොග් එකක් පටන් ගන්නවානම් තමන් විසින් ලියපු පෝස්ට් පමණක් දාන්න කටයුතු කරන්න. නමුත් තමන් කරන්නේ මෙටා බ්ලොග් එකක්නම් මේ කියන දේ අදාල වෙන්නේ නැහැ.


  • තොරොම්බල් කඩයක් කිරීම / කියවීමට අපහසු තීම් යෙදීම
බ්ලොග් එකක් පටන් ගත්තු ගමන් බොහෝ දෙනෙක් කරගන්න වැරැද්දක් තමා මේක. තමන්ගේ බ්ලොග් එකට දාන්න පුළුවන් සේරම ප්ලග්ඉන්/විජට් එකතු කරගන්නවා. සමහර විජට් වලින් වෙන සේවාවකුත් නැහැ. තාම ලංකාවේ බ්ලොග් එකක් කියවන්න එන හැම දෙනාම අධිවේගී සම්බන්ධතා තියෙන අය නෙමෙයි. ඒක නිසා තමන්ගේ බ්ලොග් එක ප්‍ර වේශණ වේගය වැඩි කරගන්න හැමදෙනාම උත්සාහ කරන්න ඕනේ.

ඒ වගේම ගොඩක් දෙනා මුලින්ම වගේම සමහර අය අවුරුදු 4කට විතර පස්සෙත් තාමත් කරන වැරැද්දක් තමා කියවන්න අපහසු තීම් යෙදීම. තමන්ගේ බ්ලොග් එකේ කන්ටෙන්ට් එක එන පාඨකයෙක්ට කියවන්න පුළුවන් වෙන්න ඇහැට ප්‍රියජනක, අමාරු නොවන තීම් එකක් සොයාගන්න/හදාගන්න හැම කෙනෙක්ටම පුළුවන්.

බ්ලොගර් වෙතින් අළුතින් හදුන්වලා දුන්න Dynamic තීම් එකතුව ගොඩක් හොදයි.


  • නොදන්නා මාතෘකා ගැන ලිවීම
මේ දේ බහුලව දකින්න ලැබෙන්නේ තාක්ෂණික බ්ලොග් ලියන්න අළුතින් එන අය අතර. තමන් නොදන්නා පැති ගැන කොහෙන් හරි ලිපියක් හොයාගෙන ඒක පරිවර්ථනය කරලා ලිවීම බොහෝ නවක බ්ලොග් කරුවන් සිදුකරන වැරැද්දක්. තමන්ගේ බ්ලොග් එක ඉදිරියට කරගෙන යන්න වගේම සාර්ථක වෙන්න සහ කියවන අයට යම් කිසි දෙයක් දෙන්න අදහසක් තියෙනවානම්, *කරුණාකරලා* තමන් දන්න දේවල් ගැන බ්ලොග් කරණයේ යෙදෙන්න.


  • කැඩිච්ච භාෂාවක් භාවිතා කිරීම
බ්ලොග්කරණයේදී ‘න/ණ‘ හා ‘ල/ළ‘ භේදය වගේම සුළු අත්වැරදීම් වැඩිපුර ගණන් ගන්නේ නැති වුනත්, තමන් ලියන භාෂාව කැඩිච්ච එකක් නොවෙන්න වග බලාගන්න ඕනේ. සමහර බ්ලොග් පෝස්ට් කියවන්න බොහොම අමාරු වෙන අවස්ථාවන් මට වුනත් හමුවෙලා තියෙනවා භාෂාව හරියට යොදාගෙන නැති වුනාම. ඒ වගේම සමහර වචන භාවිතා කිරීම් අතිශයින් වැරදි විදියට කල අවස්ථාත් බොහෝමයක් මුණගැහිලා තියෙනවා මට.

බ්ලොග් එකට එන පාඨකයෙක්ට කියවන්න ලේසිවෙන විදියේ භාෂාවක්, එහෙමත් නැතිනම් User friendly language එකක් භාවිතා කිරීම මඟින් බ්ලොග් එකට එන අය ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්.

එහෙමනම් අළුතින් බ්ලොග් එකක් ලියන අය වගේම දැනට බ්ලොග් ලියන, මේ වැරදි කරන අය මේ වැරදි නවත්තලා බ්ලොග් එක ජනප්‍රිය කරගන්න අවස්ථාවක් උදාකරගනියි කියලා හිතනවා.

අධික කාර්යබහුල තත්වය නිසා බ්ලොග් ලිවීම/ වීඩියෝ බ්ලොග් යන දෙකම කරන්න කාලයක් නැති තරම්. ජොබ් එකක් කරද්දී එහෙම වෙන එක ඉතින් එක අතකින් වැරදිත් නැහැ.

ඒ වගේම ඉතින් හැමදාම දානවා වගේ අදත් කම්පැනි එකේ ඇඩ් එක දාලා යන්න තමයි මේ හදන්නේ. අඩු මිලට හොද වෙබ් හොස්ටින්ග් හෝ VPS අවශ්‍ය අය ඉන්නවානම්, https://portal.eezpal.com/cart.php දිහාට ගොඩවෙලා බලන්න. ගොඩක් අඩුමිල විශ්වාසවන්ත සේවාවක් ලබාදෙන ආයතනයක් විදියට මට සහතික වෙන්න පුළුවන්. $1.99 ට වෙබ් හොස්ටින්ග් එකක් ගන්න පුළුවන් වෙන කොහෙන්ද ඉතින්.

හැමදෙනාටම සුභ බ්ලොග් කරණයක් කියලා ප්‍රාර්ථනා කරනවා !!!

Categories:

10 comments:

  1. අහ් කාලකෙට පස්සේ..

    දැන් මේකට මාස ගානකට එක පෝස්ට් එකක් දැමීමත් නොකල යුතු දෙයක් නෙමෙයිද? :P

    ReplyDelete
    Replies
    1. හිකිස්. නෑ නෑ. ඒක කල යුතු දෙයක් :3

      Delete
  2. Thanks...!!! thawa post tikak daanna....
    mea mage blog eka...
    http://yomalravindu.blogspot.com/
    http://yomalravindu.blogspot.com/
    http://yomalravindu.blogspot.com/

    ReplyDelete
  3. Supiri! Thanx
    Ishcricket.blogspot.com

    ReplyDelete
  4. මමත් මේ ගැන ලියල තියෙනව මගෙ බ්ලොග් එකෙත්. මීට වෙනස් දේවල් ටිකක් එතනත් තිබෙනවා.
    http://madhawaweblog.blogspot.com/2013/10/blogging-advices-to-avoid.html

    ReplyDelete
  5. හොඳ වැදගත් ලිපියක්. මේ ලින්ක් එක අරගෙන බලන්න වැදගත් තාක්ෂණික බ්ලොග් අඩවියක්. http://adf.ly/19QgC7

    ReplyDelete
  6. ඉතා කැපවීමෙන් යුතුව නිර්මාණය කරන ලද උසස් ගණයේ තාක්ෂණික බ්ලොග් අඩවියකි.

    ලහිරු හිමේෂ් මහතාගේ කාර්යභාරය අගය කිරීම සඳහාත් මෙම බ්ලොග් අඩවියට වැඩි වටිනාකමක් එකතු කිරීම සඳහාත් ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම් කිරීම apply credit card , ගනුදෙනු කිරීම, දින 51ක සහන කාලය credit card grace period නිවැරදිව භාවිතා කිරීම ආදී වටිනා තොරතුරු රාශියක් මේ හරහා ඔබ වෙත ගෙන එමු. ඔබගේ පුද්ගලික විස්තර කිසිවක් අපට අවශ්‍ය නොවේ. පිවිසෙන්න. http://cardslanka.blogspot.com/

    ඔබගේ රැකියාව මත ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කිරීමට ඔබගේ යෝග්‍යතාවය මැන බැලීම සඳහා https://docs.google.com/forms/d/1xC3aa0htSVROOwMiNdbP0l4k7MXA6iSAy9OLXhz71sM/viewform භාවිතා කරන්න

    ඔබගේ ව්‍යාපාරය මත ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කිරීමට ඔබගේ යෝග්‍යතාවය මැන බැලීම සඳහා https://docs.google.com/forms/d/1pxJi6LFPs3I1dTdBsmkGBc_uXQVHqOpnBjyeC6KC6FE/viewform භාවිතා කරන්න

    ReplyDelete
  7. Webhoster.pk is providing suitable Web Hosting in Pakistan and fulfill your needs according to your requirements , We are Best comapny of Web Hosting Pakistan and offering so many plans like Budget Web Hosting - Business Web Hosting - Reseller Web Hosting - Vps Hosting - Dedicated Server Hosting choose the plan according to your requirement and get benefit from us.

    ReplyDelete
  8. ස්ම්පූර්නෙන්ම කතාව ඇත්ත​. තව තවත් බ්ලොග් නිර්මානයකිරීම ගැන ලිපි ලියවෙනවානම් Sinhala Blogger එකෙත් මේ බ්ලොග් එක ගැන හැදින්වීමක් දාන්න පුලුවන්. Sinhala Blogger කියන්නෙත් අපේ රටේ බ්ලොග් නිර්මාන කරුවන්ට සහ අන්තර්ජාලීය ව්‍යාපාර කරන අයටම වෙන් වුන බ්ලොග් අඩවියක් ඇවිත් බලන්න​.
    http://www.sinhalablogger.com

    ReplyDelete
  9. vinadiyeN oyage phone eka #charge karaganna sarththaka kramayak gana dana ganna redhatlke.blogspot.com ekata pivisenna

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑