Tuesday, May 12, 2015

වෙබ් හොස්ටින්ග් ගන්න තැන cPanel ලයිසන් එක ඔබට වැදගත් ද?


බොහෝදෙනෙක් කියන දෙයක් තමයි අපෝ ඒ හොස්ටින්ග් එක වැඩක් නෑ. VPS cPanel ලයිසන් එකක් දුවන්නේ කියල. ඇයි එහෙම කියන්නේ ?

cPanel VPS ලයිසන් එක මාසයකට $15ක් වගේ වෙද්දී cPanel Dedicated license එක මාසෙකට $40කට ලංවෙනවා. නමුත් බොහෝ Providers ලා cPanel Dedicated ලයිසන් එක භාවිතා කරන්නේ තමන්ගේ හොස්ට් එකේ සම්පූර්ණ බලය ලබාදෙන්න. හිතන්න ඔයාගේ සර්වර් එකක් තියෙනවා 2GB කියල. ඔයා ඒකේ VPS 2ක් හදනවා 512MB වගේ. ඔයාට සම්පූර්ණ රැම් එක දැන් කොහොමත් භාවිතා කරන්න විදියක් නැහැනේ.

Virtualization software එකට රැම් එක 300MB ගත්තා කියල හිතමු, OS එකටත් සේරම අඩු කරලා 200MB ගත්තාම දැනටම 500MB රැම් එකක් ගිහින් ඉවරයි. VPS එකක් හදද්දී දැන් ඉතිරි 1.5GB විතරයි. ඒකත් cPanel VPS ලයිසන් එක *ජෙනුයින්* විදියට ගන්න නම් අඩුම VPS 2ක් එක නෝඩ් එකක දුවන්න ඕනේ. (ලංකාවේ ගොඩක් අයනම් ඒක කරන්නේ නැහැ) ඒක නිසා සහ, තවත් රැම් ප්‍රමාණයක් ඉතිරි කරන්න වෙනවා මුල් නෝඩ් එකේ. මොකද රැම් එක කියන දේ නූලෙන් තිබ්බාම වෙන දේ අමුතුවෙන්න කියන්න ඕනේ නැහැනේ.

දැන් VPS දෙකක් හැදුව කියමුකෝ, දැන් එකකට රැම් එක කලින් කිව්වා වගේ 512MB (කැතයි නේ  ) කොහොම හරි දැන් cPanel ඉන්ස්ටෝල් කරනවා. OpenVZ නම් රැම් එක ගන්න එක අඩුයි OS එකට ටිකක්. නමුත් KVM/XEN වගේ hyperviser එකක් නම් OS එකටත් 200MB වගේ ගන්නවා.

cPanel කියන්නේ ටිකක් රැම් එක අනුභව කරන Panel එකක් කියලා දන්නවා ඇති. දැන් cPanel එකට රැම් එක කෝ. Burstable (Page file කියලා අපි windows වලදි කියන්නේ) රැම් එකෙනුත් දීලා ලයිසන් එක ලාබයට අරගෙන රන් කරනවා.

දැන් පාරිභෝගිකයන්ට වැඩ කරන්න රැම් එකක් නැහැ. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. cPanel VPS ලයිසන් එකක් දාලා Image එක විතරක් මාරු කරපු අපේ අයියලත් මම දැකල තියෙනවා.  පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය ගැන හිතලා හොද තැනකින් තෝරගන්න එක තමයි වටින්නේ.

මේ දේවල් ටික කියන්න මතක් වුනේ අපේ අළුතින් කන්ෆිගර් කරපු Dedicated එකේ cPanel ලයිසන් එක තවමත් NOC එකෙන් issue වුනේ නැහැ. එයාලගෙ cPanel license දෙන system එකේ පොඩි අවුලක් ඇවිත් කියලා දවස් 3-4ක් වගේ යනකොට Fix කරනවා කියලා තියෙන්නේ. ඔය අතරේ හිත හිත ඉද්දී ඔලුවට ආපු දේවල් තමයි මේ.

අළුත් Dedicated එක හැදුවාම Reseller පැකේජ් සේරම ඒකට Move කරනව වගේම පැකේජ් වල ගණනුත් ගොඩක් අඩුවෙයි. කලින්ම පැකේජ් එකක් වෙන් කරගත්තෝතින් ගොඩක් වාසියි. මොකද Free Dedicated IP එකක් සහ තවත් දේවල් නොමිලයේම ලැබෙන නිසා. 

වැඩි විස්තර අහගන්න dev@eezpal.com එකට මේල් එකක් හරි, මට PM එකක් හරි දාන්න.

3 comments:

  1. Good Work. .. keep it up.. we are reading your posts

    ReplyDelete
  2. Webhoster.pk is providing suitable Web Hosting in Pakistan and fulfill your needs according to your requirements , We are Best comapny of Web Hosting Pakistan and offering so many plans like Budget Web Hosting - Business Web Hosting - Reseller Web Hosting - Vps Hosting - Dedicated Server Hosting choose the plan according to your requirement and get benefit from us.

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑