Friday, May 15, 2015

තමන්ගේම කියල Web hosting ආයතනයක් පටන් ගමු - පියවරෙන් පියවර සරලව


තොරතුරු තාක්ෂණයත් එක්ක ගැටෙන් බොහෝ දෙනෙක්ට ආසාවක් තියෙනවා පොඩියට හරි තමන්ගෙම කියල හොස්ටින්ග් කම්පැනියක් කරගෙන යන්න. මේ පෝස්ට් එකෙන් කියලා දෙන්නේ පියවරෙන් පියවර කොහොමද තමන්ගේම කියලා පොඩියට වෙබ් හොස්ටින්ග් කම්පැනියක් පටන් අරගෙන වැඩ කරගෙන යන්නේ කියල. බොහෝවිට වෙන හොස්ටින්ග් Provider කෙනෙක් මේ වගේ පැහැදිලිව නොකියා අපෙන් re-seller එකක් ගන්න කියලා විතරක් කියයි. ඒකට හේතුව තමයි, *බය*

ඔව්. තමන්ගේ ව්‍යාපාරය කඩාවැටෙයි කියන බය. ඇත්තටම කියනවානම් eezpal ආයතනයත් මුලින්ම හොස්ටින්ග් කියන ක්ෂේත්‍රයට එන්න හේතුවත් ඒ වගේම හොස්ටින්ග් ව්‍යාපාරයක් තමයි. ඒත් අවුරුදු 2ක් වගේ කාලයක් ඇතුලත අන්තර්ජාතික සේවාලාභීන් බොහෝමයක් අපෙන් සේවාවන් ලබාගෙන තියෙනවා.

හොස්ටින්ග් ව්‍යාපාරයක් පටන් ගන්න මූලිකවම අවශ්‍ය කරන දේවල් තුනක් තියෙනවා.

පලවෙනි එක තමයි ආයෝජනයක්. මුලින්ම හොස්ටින්ග් ආයතනය පටන් අරගෙන මාස 2-6ත් අතර වගේ කාලයක් බොහෝවිට පාඩු පිට හෝ පාඩු ලාබ නොලබන තත්වයක තමයි දුවන්න වෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. තමන්ගේ හැකියාව මත පුළුවන් ඒ කාලය අඩුකරගන්න. නමුත් ඒ කාලය තුල තමන්ගේ දැනට එකතුවෙලා ඉන්න සේවාලාභීන් සියළුම දෙනාට හොදම උපරිම ආකාරයේ සේවාවවක් ලබාදෙන්න තමන්ගේ අතේ පොඩි මුදලක් අවශ්‍ය කරනවා.

දෙවන දේ තමන් කරන්න යන දේ පිලිබඳ දැනුමක්, මේ කාලයේ බහුලව දකින්න තිබෙන දෙයක් තමයි summer host සහ teen host කියන දෙවර්ගය. මේ දෙවර්ගයම වැඩි කාලයක් පවතින්නේ නැහැ. (summer host/teen host යනු මොනවාදැයි පෙර ලිපියකින් පැහැදිලි කර තිබේ) තමන්ට ස්ථිර අධිෂ්ඨානයක් තියෙනවානම්, තමන්ගේ මේ පටන් ගත්තු දේ නවත්තන්නේ නැතිව කරගෙන යනවා කියලා, ඒක ගොඩක්ම වටිනවා. ඒ වගේම ක්ෂේත්‍රය ගැන දැනුමක් ලබාදෙන්න කැමති අයත් හරිම අඩුයි. මාකටින්, ක්ලයන්ට් හැන්ඩලින්, සර්වර් මැනේජ්මන්ට් වගේ ගොඩක් දේවල් මේකට අයිති වෙනවා. තව විශේෂ දෙයක් කියන්න ඕනේ. හොස්ටින්ග් එක පටන් ගත්තු ගමන් ඩේටාසෙන්ටර් පිටින් දෙන්න හිතන්න එපා. හෙමීට වර්ධනය කරගන්න තමන්ගේ ආයතනය. මුලින්ම හොද තැනකින් re-seller hosting එකක් අරගෙන පටන් ගන්න. ඊට පස්සේ ක්‍රමයෙන් vps/dedicated ගිහින් cloud එනකල් වර්ධනය කරගන්න.

තුන්වෙනි දේ තමයි ප්‍රසන්න භාවය. තමන්ගේ ක්ලයන්ට් මොන විදියේ ආකල්පයක් දරන කෙනෙක් වුනත්, සිනාමුසු මුහුණකින් ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය වෙනවා ඕනම ව්‍යාපාරයකදී. (මැර ව්‍යාපාරය හැරුනාම ;) )

<removed paragraph>

මේ දේවල් තුනම හරිනම් තමයි ඊලඟ පියවරට යන්න පුළුවන්. ඊලඟ පියවර තමයි හොද Reseller ගිණුමක් තෝරාගන්න එක.

දැනටමත් වෙබ් කියන දේ ගැන දන්න කෙනෙක් දන්නවා ඇති සාමාන්‍යෙයන් බහුලවම භාවිතා වන මෘදුකාංගය තමයි cPanel කියන්නේ. නමුත් Reseller ආකාරයේ ගිණුමක් එක්ක WHM කියන අතුරුමුහුණතටත් පිවිසීමේ හැකියාව ලැබෙනවා. ඒ ගැනත් වැඩි විස්තර ඉදිරි ලිපි වලදී දාන්න කියල හිතාගෙන ඉන්නේ. කාලවෙලාවත් එක්ක තමයි ඒ හැම දෙයක්ම තීරණය වෙන්නේ.

මීලඟ ලිපිවලදී පැහැදිලි කරන්නම් කොහොමද cPanel/WHM එක්ක වැඩ කරන්නේ. Billing system එකක් එක්ක සම්බන්ධවෙන්නේ වගේ දේවල්. ලිපිවලට ලැබෙන ප්‍රතිචාරය මත තමයි ලිපි ලිවීම ඉක්මන් හෝ ප්‍රමාද වෙන්නේ.

[රීසෙලර් පැකේජයන් ගේ මිල මෙතනින් බලාගන්න පුළුවන් : https://portal.eezpal.com/cart.php?gid=3 ]

21 comments:

  1. සදුන් ප්‍රියංකරMay 20, 2015 at 7:08 PM

    සුප්පා මචන්. එල එල. මාත් හොස්ට් එකකට ඕඩරයක් දැම්මා

    ReplyDelete
  2. Hey guys join here
    https://www.facebook.com/pages/GREEN-BLOOD-Kaluthara/402546473264712

    ReplyDelete
  3. Hodhata pehedhili karala thiyenawa, bohoma sthuthiyi saho

    ReplyDelete
  4. අන්තර්ජාලය හරහා නොමිලේ Phone, Tab, Pen Drive, Power Bank, Bluetooth speakers, headsets වෙබ් උපකරණ නිවසට ගෙන්න ගන්න ක්‍රමයක් තමයි .මේ ක්‍රමය
    වැඩිදුර විස්තර මගේ blog එකෙන් මෙන්න link එක http://goo.gl/kL9TXG

    ReplyDelete
  5. Webhoster.pk is providing suitable Web Hosting in Pakistan and fulfill your needs according to your requirements , We are Best comapny of Web Hosting Pakistan and offering so many plans like Budget Web Hosting - Business Web Hosting - Reseller Web Hosting - Vps Hosting - Dedicated Server Hosting choose the plan according to your requirement and get benefit from us.

    ReplyDelete
  6. Menna thawath hoda wen site ekak lagadi thama aramba kale...www.mwrap.tk

    ReplyDelete
  7. KMPlayer ඒක භාවිතා කරනවනං මෙන්න මේ සොෆ්ට්වෙයා ඒකත් පාවිච්චි කරන්න, මේකෙන් පුලුවන් KMPlayer ඒකේ තියෙන අැඩ් සම්පූර්ණයෙන්ම අයින් කරන්න..
    Size : 145Kb
    screenshot : goo.gl/RSCEtz
    Download link : goo.gl/YWltcD

    Thank you

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑